Breaking

Post Top Ad

Saturday, December 10, 2022

විවාහ පරීක්ෂාව




පොරොන්දම් පරීක්ෂාවෙන් පමණක් අද වනවිටදී විවාහ නිගමනය ගැනීමට පුරුදුව සිටින බව පෙනී යයි . එහෙත් විවාහ පරීක්ෂාව යනු පොරොන්දම් පරීක්ෂාවම නොව . එයට දෙදෙනාගේ ජන්මපත්‍රවල අඩංගු යම් යම් සියුම් කරුණු කාරණාද ගැලපීම අවශ්‍ය වේ .


අද වනවිටදී ප්‍රේම සම්බන්ධතා මත පදනම්වී විවාහය සිදුවීම සාමාන්‍ය දෙයක් වී ඇති බැවින් විවාහ පරීක්ෂාව සහ පොරොන්දම් පරීක්ෂාව ඔවුනගේ අදහස් උදහස් අනුවද සිදුකිරීම ප්‍රායෝගික ජ්‍යෝතිෂ වේදීන්ගේ කාර්යයක් වේ . ප්‍රේම සම්බන්ධතා ඇතිවන්නේ ජන්මපත්‍ර ගැළපීමකින් පසුව නොවේ . එබැවින් එම ජන්මපත්‍රවල නොගැළපීම් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය නම් ඒවාද නියම කිරීම ජ්‍යෝතිෂ විද්‍යාව පැත්තෙන් සිදුවිය යුතු කාර්යයකි . එමෙන්ම ජන්මපත්‍ර මගින් පෙන්නුම් කරන චරිත ලක්ෂණ වටහාදී විවාහයට පසුව දෙදෙනාගේ යහපැවැත්ම සම්පාදනය කරගන්නේ කෙසේද කියා යම් අදහසක් ලබාදීමද විවාහ පරීක්ෂාවේ කොටසකි . ඒ සියල්ලම මෙම සේවාව හරහා සිදු කරනු ලැබේ .


එම විවාහ පරීක්ෂාවේ සහ පොරොන්දම් පරීක්ෂාවේ විස්තර සටහන PDF සහ Word ගොනු වශයෙන් ලබාදෙන අතර ඊට අමතරව මුද්‍රිත පිටපතක් නිවසට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අමතර ගෙවීමක් සිදුකළයුතු වේ .


මෙම සේවාව සඳහා 2700/= ක මුදලක් අය කෙරේ .


මුදල් ගෙවීම් සිදුවන්නේ බැංකු ගිණුමකට මුදල් බැරකිරීමෙන් හෝ වෙස්ටන් යූනියන් හරහා මුදල් එවීමෙන්ය . ගිණුම් අංක සහ එම විස්තර ඔබගේ ජන්මපත්‍ර පරීක්ෂා කිරීම ආරම්භ කරන අවස්ථාවේ ලබාදීමට කටයුතු කෙරේ . පහත Pay Now මත Click කිරීමෙන් ගිණුම් විස්තර ඔබට ලබාගත හැක .


මෙම සේවාව වෙනුවෙන් මෙම දත්ත අවශ්‍ය වේ . Online Form එක සම්පූර්ණ කිරීමෙන් දත්ත ලබාදීමට කටයුතු කරන්න . දුරකථන ඇමතුමකින් ඔබව හැකි ඉක්මණින් සම්බන්ධ කරගැනීමට කටයුතු කරනු ලැබේ .






No comments:

Post a Comment