Breaking

Post Top Ad

Monday, October 7, 2019

මහා ලක්ෂ්මී යන්ත්‍රය







යන්ත්‍ර පැළඳවීම කියන කාර්යය ගුප්ත විද්‍යාවේ එන තවත් එක් ක්‍රමයක් විදියට තමයි හැඳින්වෙන්නේ . ලක්ෂ්මී දේවිය වෙනුවෙන් කෙරෙන යන්තරයක් සම්බන්ධව තමයි මේ ලිපියෙන් විස්තර කරන්නේ . ලක්ෂ්මී දේවිය කියන්නේ විෂ්ණු දෙවියන්ගේ භාර්යාව . විෂ්ණු දෙවියන් ලෝකයේ පැවැත්මට අධිපති වෙනවා වගේම තමයි ලෝකයාගේ පැවැත්මට අදාළ වෙන සෞභාග්‍ය සශ්‍රීක බව සහ ධනවත් බව කියන දේවල් වලට ලක්ෂ්මී දේවිය අධිපති කම් දරනවා .

ලක්ෂ්මී දේවියගේ ඇල්ම බැල්ම ලබාගන්න නොයෙක් දෙනා නොයෙක් දේවල් කරනවා . මම දකින විදියට ලක්ෂ්මී දේවියගේ බැල්ම ලබාගන්න හොඳම ක්‍රමයක් තමයි මේ ලක්ෂ්මී යන්ත්‍ර කියලා කියන්නේ . යන්තරය කියලා කියන්නේ හැඩතල සමූහයක එකතුවක් . මේ හැඩතල වලට තියෙනවා යම් නිශ්චිත කම්පන රටාවක් . මන්තර වලින් කරන්නේ ඒ හැඩතල වලට ශක්තිය ලබාදීලා නිසියාකාරව කම්පනය වීමට සැලැස්වීම .

මේ යන්තරය හරියාකාරව හදලා පාවිච්චි කරනවා නම් ඇත්තටම කරේ එල්ලගන්න එක හොඳ නැහැ . බිත්තියේ එල්ලන්න පුළුවන් විදියට හදලා තමන්ගේ ගෙදර වඳින පුදන තැන , ව්‍යාපාරික ස්ථානයේ වඳින පුදන තැන හෝ නිවසට ඇතුළුවෙන තැන ඉස්සරහට පේන විදියට තැම්පත් කරන්න පුළුවන් නම් තමයි වඩාත් හොඳ . මේකෙන් බංකොලොත් ව්‍යාපාර වලට නව පණක් ලැබෙන බවත් හරියාකාරව පුද පූජා පවත්වනවා නම් ආකර්ෂණය ඇතිවෙන බවත් විස්තර කරලා තියෙනවා . විෂ්ණු දෙවියන්ගේ ආකර්ෂණය මේ යන්තරයට ඉබේම වගේ ලැබෙනවා . ඒ නිසා පැවැත්ම සහ සශ්‍රීක සෞභාග්‍යවත් බව ලබාගන්න මේ යන්තරය උපකාරී වෙනවා කියලා කියන්න පුළුවන් .

මේ යන්තරය අඳින්න කිරි ගහක් යට පිරිසිදු ස්ථානයක් තෝරාගන්න ඕන . ඒ ස්ථානයේ ඉඳගෙන විෂ්ණු දෙවියන්ට සහ ලක්ෂ්මී දෙවියන්ට පුද පූජා පවත්වලා තමයි යන්තරය ඇඳගන්න අවශ්‍ය වෙන්නේ . කස්තුරි හෝ ගොරෝචන වලින් තමයි මේ යන්තරය කළු මදින්න අවශ්‍ය වෙන්නේ . එහෙම කළු මැදීම නිසා තමයි ඒ අකුරුවල හැඩය නිසියාකාරව ශක්තිය උපදවන්න පුළුවන් විදියට නිර්මාණය වෙන්නේ .

යන්ත්‍ර තහඩුව ජීවම් කරන වෙලාවට පූජා ද්‍රව්‍ය විදියට තියන්න කියලා නියම වෙලා තියෙන්නේ කිරි දීකිරි වෙඬරු ගිතෙල් සහ මෝරු කියන ආහාර ද්‍රව්‍ය . ඒවගේම කැවිලි සහ පළතුරුත් පූජාවන් විදියට තියන්න ඕන . මේ දේවල් එක්ක වාලම්පුරි සහ හක්ගෙඩි එහෙමත් පූජාවන් විදියට තියන්න පුළුවන් නම් දෙවියන්ගේ ආකර්ෂණය ඉක්මණින් ම ලබාගන්න පුළුවන් වෙනවා .

කිලි කුණු සහිත මස් කඩ මාළු කඩ සහ සතුන් වෙළඳාම කරන ස්ථානවල හැරෙන්න මේ යන්තරය තැම්පත් කරන්න ඕනෑම ස්ථානයක් සුදුසු වෙනවා . පිරිසිදු තැනක තැම්පත් කරලා පුද පූජා නිතර පැවැත්වීමෙන් ශ්‍රියාකාන්තාවගේ නොමද ආකර්ෂණය ලබාගන්නත් පුළුවන් වෙනවා .

තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!

No comments:

Post a Comment