Breaking

Post Top Ad

Saturday, November 24, 2018

පරපුරක උරුමය බිඳක්

කාලයක් තිස්සේ හිත හිත හිටියට මේ දේවල් වරින්වර මුහුණුපොතේ ෆොටෝස් දැම්මට බ්ලොග් එකට ඒවා අරගෙන එන්න කාලයක් ගතවුණා . සීයා සහ මුනුබුරා කතා මාලාව ආදරයෙන් වැළඳගත්ත අයට මම අද ඒ අය පාවිච්චි කරපු , ඒ අයගේ ගුණ සුවඳ විඳපු දේවල් කීපයක් අරගෙන එනවා . 

සීයා මුණුබුරාකතා මාලාව කියෙව්ව සහ කියවන කෙනෙක් නම් ඒ කතාවල විශේෂයෙන් සඳහන් කරලා ඇති පෙට්ටගමක් . මේ තියෙන්නේ ඒ ඉතිහාසයට හිමිකම් කියන පෙට්ටගම . ඒ කාලේ මේ පෙට්ටගමේ තිබුණු බොහොමයක් දේවල් අද නැති වුණත් අදටත් මේ මොහොතේත් මගේ ඇස් මානයේ මේ පෙට්ටගම පරෙස්සම්වෙලා තියෙනවා . බැරිවෙලාවත් මේ පෙට්ටගමට කතා කරන්න පුළුවන් උනා නම් එයා කියාවි මම ලිව්වටත් වඩා කොහොම ඉතිහාසයක් එයාට තිබුණද කියලා . 





අවුරුදු දෙකකට විතර පස්සේ ළඟදී දවසක පුස්කොල පොත් සහ පරණ පොත් සියල්ලම පෙරලලා බලලා අලුත් වැඩියා කරන්න , පිටපත් කරන්න සහ සංරක්ෂණය කරන්න ඕන පොත් සහ පුස්කොල වෙන් කරගත්තා . මේ තියෙන්නේ ඒවායේ යම් යම් කොටස් .

ඉස්කෝලේ මියුසික් කරලා , උසස්පෙළට බයෝ කරලා , කැම්පස් එකෙත් බයෝ කරලා අන්තිමට ජ්‍යෝතිෂ පැත්තට අත තිබ්බේ ඇයි කියලා ප්‍රශ්න කරන අයට මේ ෆොටෝ කීපය උත්තරයක් වෙයි කියලා හිතනවා .







මේ පත්තිරු කීපයේ පුස්කොල පොතට යම් ඉතිහාසයක් තියෙනවා කියලා කටින් කට පවතැගෙන එනවා . කිසිම ලිඛිත සාක්ෂියක් නම් නැහැ .

ඒත් කියන්නේ මේ පත්තිරු කීපයේ පොත 1500 ගණන්වල හිටපු
" පුංචිත්තා " කියන කෙනා අපේ ඒ කාලේ හිටපු කෙනෙක්ට දුන්න පොතක් හෝ පොතක පිටු කීපයක් කියලා .
පුංචිත්තා කියන්නේ කවුද කියලා දන්නේ නැත්නම් ඉතින් වහ කන්න ඕන .















මහා මාතාන්ගේශ්වරී යන්ත්‍රයේ මම ළඟ තියෙන පැරණිම කඩදාසි අත් පිටපත .
මේකට අවුරුදු 98 ක් වෙනවා දැනට වයස .












කතාවල විස්තර වෙනවා පරපුරක අවසානයේ සියාතු සීයා කියලා චරිතයක් තමන්ගේ දැනුම සියල්ලම පරිත්‍යාග කරා කියලා . මේ ගම්පහ ඉඳලා කරත්තයක පටවලා එව්ව ඒ සියාතු සීයාගේ පුස්කොල පොත් එකතුව තැම්පත් වෙලා තිබුණු පෙට්ටගම .






මේ අරවින්ද මුනුබුරා කියන චරිතයේ අත් අකුරු .





මේ මිණුම් පටිය එංගලන්තේ නිෂ්පාදනය වෙන කාලයේ ලංකාවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රජ වෙලත් නැහැ . 1914 - 1962 කාල පරාසය තුල මේකේ එක තැනක් කැඩිලා පිත්තල වලින් පතුරු දාලා ආයෙත් පාවිච්චි කරන්න පුළුවන් විදියට හදලා තියෙනවා . වාස්තු විද්‍යා කටයුතු වලට පාවිච්චි කරපු මේ මිණුම් පටිය පසුකාලීනව භාවිතයට ගත්තේ නැහැ . ඒත් තවමත් ඒක ක්‍රියාකාරී තත්වයේ තියෙනවා .








ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!!

No comments:

Post a Comment